ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අවම පහසුකම් මැද සුෂුම්නා අබාධිත පිරිසට ප්රතිකාර ලබා දෙන්නේ.'
ඉතා අවම පහසුකම් මැද තමන් ප්රතිකාර ලබන බව මුලතිව්, මාන්කුලම් පිහිටි සුෂුම්නා අනතුරු සංගමයේ නේවාසික ප්රතිකාර ලබන පුද්ගලයෝ පවසති.
යුද්ධයෙන් මෙන්ම විවිධ අනතුරු නිසා සුෂුම්නාවේ ආබාධ සහිත වූවන් මෙහි ප්රතිකාර ලබයි.
''අපිට මුදල් ආධාර ලබා දෙන්නේ විදේශගත දෙමළ ප්රජාව. ඒත් දැන් තියෙන ආර්ථික තත්ත්වය එක්ක දානපතීන් මුදල් දෙන්න බෑ කියලා ඒක අත්හැරලා තියෙනවා.'' යනුවෙන් සුෂුම්නා අනතුරු සංගමයේ උප සභාපති ඉදයලරාජා BBC සිංහල සේවයට පැවසුවේය.
සුෂුම්නා ආබාධයන්ට ලක්වූවන් 250 දෙනෙකු පමණ එම සංගමයේ ලියාපදිංචි වී සිටිති. නමුත් එහි නේවාසිකව ප්රතිකාර ලැබීමට පහසුකම් තිබෙන්නේ දස දෙනෙකුට පමණි.
ප්රවාහනයේ දී තමන් ගැටළු රැසකට මුහුණපාන බවත්, ගමනාගමන දුෂ්කරතාවය නිසා තමන්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව පවා අහිමි වී ඇති බවත් ඔවුහු පවසති.