ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කුඩු අල්ලලා දුන්නා කියලා තමා මගේ පුතාව මරලා දැම්මේ'
- Author, බීබීසී සිංහල
- Published
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි වසන්ත සම්පත් සහ ගයාන් සම්පත් එක ම පවුලේ සොහොයුරෝ වෙති.
ඔවුන් ජීවත්ව සිටියේ නාත්තණ්ඩිය අශෝකපුර කියන ගම්මානයේ ය.
ජූලි 5 වන දා මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් මේ සොහොයුරන් දෙදෙනාගෙන් බාල සොහොයුරා වන ගායාන් සම්පත් මිය ගියේ ය.
දකුණු අත අහිමි පුද්ගලයෙකු වන වැඩිමහල් සොහොයුරා වන වසන්ත සම්පත් ගැන දින හතරක් තිස්සේ නිසි තොරතුරක් නැතැයි, ඔහුගේ බිරිඳ වන සුභද්රා කුමාරි බීබීසී සිංහල වෙත පැවසුවා ය.
38 හැවිරිදි ඔහු සිව් දරු පියෙක්.
ගයාන් සම්පත්ගේ දේහය ජූලි 7 වන දා අශෝකපුර ගම්මානයේ පිහිටි මවගේ නිවසට රැගෙන එනු ලැබූ අතර, ආර්ථික දුෂ්කරතා රැසක් මැද දිවිගෙවන මෙම සහෝදරයින්ගේ නිවෙස් වෙත බීබීසී සිංහල ජූලි 8 වන දා ගියෙමු.
ඔවුන්ගේ මව පවසන්නේ, මිනුවන්ගොඩ ප්රදේශයේ කල්ලියක් බන්ධනාගාරය තුළදී තම පුත්රයා වන ගයාන් සම්පත්ට පොලුවලින් පහර දී ඝාතනයට කර ඇති බවයි.