ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'දැන් වතුරේ හරි ගෙදර යන්නයි ඕනේ'
මාතර දිස්ත්‍රික්කයේ ජලය ක්‍රමයෙන් බැස ගිය ද මේ වන විට පුද්ගලයින් 24,397 දෙනෙකු අවතැන් වී සිටින බවත් තවත් පුද්ගලයන් 38,249 දෙනෙකු තවදුරත් පීඩාවට පත්ව සිටි බවත් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.
''අපි සුරක්ෂිත මධ්‍යස්ථාන 23ක් මාතර දිස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යනවා. දැනටමත් පුද්ගලයින් 3107ක් ඉන්නවා.'' යනුවෙන් ඔහු වැඩිදුරත් කියා සිටියේය.
මේ අතර තවලම, නෙළුව සහ සිංහරාජයට වර්ෂාව අඩු වීම නිසා ගිං ගඟේ ජලය ද බැස යමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේය.