එක්සත් රාජධානියේ කැරලිවලට මැදි වූ ලාංකිකයෙකුගේ අත්දැකීම

සවුත්පෝර්ට්හි වින්ඩ්සර් මිනි මාර්ට් (Windsor Mini Mart) හිමිකරු වන 90 දශකයේදී ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වූ 47 හැවිරිදි චානක බාලසූරිය එක්සත් රාජධානිය පුරා පැතිර ගිය ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වුණු අතර ඔහු ඉන් පසුව ඇති වුණු දයානුකම්පිත ක්‍රියාවල ප්‍රතිලාභ ලත් අයෙකු ද විය.
    • Author, ජොනී හම්ෆ්‍රිස්
    • Role, බීබීසී පුවත් නෝර්ත් වෙස්ට්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

සවුත්පෝර්ට්හි වින්ඩ්සර් මිනි මාර්ට් (Windsor Mini Mart) හිමිකරු වන 90 දශකයේදී ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වූ 47 හැවිරිදි චානක බාලසූරිය එක්සත් රාජධානිය පුරා පැතිර ගිය ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වුණු අතර ඔහු ඉන් පසුව ඇති වුණු දයානුකම්පිත ක්‍රියාවල ප්‍රතිලාභ ලත් අයෙකු ද විය.

'ටේලර් ස්විෆ්ට්' තේමාවක් යටතේ පැවති උත්සවයක් අතරතුර (a Taylor Swift holiday club) ගැහැනු දරුවන් තිදෙනෙකු මාරාන්තික පිහි ඇනුමකට ලක් වූ නර්තන ශාලාවේ සිට සැතපුම් භාගයක් දුරින් පිහිටි ඔහුගේ සිල්ලර භාණ්ඩ අලෙවි සල, එම පිහි ප්‍රහාරයට පසු දින සංක්‍රමණ විරෝධී කැරලිකරුවන් විසින් කොල්ලකන ලදී.

එංගලන්තය පුරා සහ උතුරු අයර්ලන්තයේ නගරවල ඇති වූ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ඉන්ටර්නෙට් හරහා පැතිර ගිය සහ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් පතුරවා හරින ලද වැරදි ප්‍රචාර හරහා තව තවත් ඇවිළී ගියේ ය.

'ටේලර් ස්විෆ්ට්' තේමාවක් යටතේ පැවති උත්සවයක් අතරතුර (a Taylor Swift holiday club) ගැහැනු දරුවන් තිදෙනෙකු මාරාන්තික පිහි ඇනුමකට ලක් වූ නර්තන ශාලාවේ සිට සැතපුම් භාගයක් දුරින් පිහිටි ඔහුගේ සිල්ලර භාණ්ඩ අලෙවි සල, එම පිහි ප්‍රහාරයට පසු දින සංක්‍රමණ විරෝධී කැරලිකරුවන් විසින් කොල්ලකන ලදී.

එතැන් සිට, තවදුරටත් ප්‍රහාර සිදුවීම වැළැක්වීම සඳහා දහස් ගණනක් ජනතාව වීදි බැසීමට පියවර ගෙන ඇති අතර ප්‍රජාවන් [හානියට ලක් වූ] මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන අලුත්වැඩියා කිරීමට පියවර ගෙන ඇත.

මූල්‍යමය වශයෙන් විනාශයේ අද්දරට ගෙන ගොස් - පසුව ඔහු වටා සිටි පිරිස විසින් එයින් මුදා ගන්නා ලද - බාලසූරියගේ කෝලාහල පිළිබඳ අත්දැකීම් පසුගිය දින දහය තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් කැටිකර දැක්වීමක් වන අතර ම එය එවැනි තත්ත්වයන්ගෙන් මිදීමට හැකි මාර්ගයක් පිළිබඳ ඉඟියක් ද විය හැකි ය.

මේ, බීබීසීයේ ජොනී හම්ෆ්‍රිස්ට කී ඔහුගේ කතාව ය.

පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත් වූ ගැහැනු දරුවන්ට ගෞරව කිරීම සඳහා ශෝකයට පත් ජනතාව ජූලි 30 වන දා එක්රැස් වී පැය දෙකකටත් අඩු කාලයකට පසු, කැරලිකරුවන් සිය ගණනකගෙන් සවුත්පෝට් වීදි පිරී ගියහ.

අසල පිහිටි මුස්ලිම් පල්ලියකට විරෝධතාකරුවන් රැස්ව සිටින බව දැන ගැනීමෙන් පසු බාලසූරිය සිය නිවස බලා ගිය අතර ඔහු තම දුරකතනයෙන් වෙළෙඳ සලේ සවි කර ඇති සීසීටීවී කැමරා හරහා දුටුවේ, පුද්ගලයින් කණ්ඩායමක් ගඩොල් ගෙන වේගයෙන් එහි ජනෙල් වෙත දමා ගසන අයුරු ත් වෙළෙඳසලේ දොරටුව අසල ඇති කසල බඳුනක් ගිනි තබන අයුරු ත් ය.

පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත් වූ ගැහැනු දරුවන්ට ගෞරව කිරීම සඳහා ශෝකයට පත් ජනතාව ජූලි 30 වන දා එක්රැස් වී පැය දෙකකටත් අඩු කාලයකට පසු, කැරලිකරුවන් සිය ගණනකගෙන් සවුත්පෝට් වීදි පිරී ගියහ.

වෙළෙඳසල තුළට කඩා වැදී සිගරට් සහ මත්පැන් රාක්ක හිස් කළ කණ්ඩායම පිරිමි දරුවන් පිරිසක් වූ අතර ඔවුන් වයස අවුරුදු 11ක තරම් බාල වියේ පසුවන බවට දිස් වුණු බව ඔහු පැවසීය.

බොහෝ දෙනෙකු තම මුහුණු සැඟවීමට පවා උත්සහයක් ගෙන නොතිබිණි.

වෙළෙඳසල තුළට කඩා වැදී සිගරට් සහ මත්පැන් රාක්ක හිස් කළ කණ්ඩායම පිරිමි දරුවන් පිරිසක් වූ අතර ඔවුන් වයස අවුරුදු 11ක තරම් බාල වියේ පසුවන බවට දිස් වුණු බව ඔහු පැවසීය.

"'හරි, අපි ඉවරයි,' කියලා හිතුණු වෙලාව මට මතකයි. මම බිංදුවේ ඉඳලා පටන් ගත්ත බිස්නස් එකක්. යම් ආකාරයකට මම හැමදේ ම අතහැරලා දැම්මා." - චානක බාලසූරිය

පසු දා උදෑසන බාලසූරිය දුටුවේ, අසල්වාසීන් පිරිසක් - ඔවුන්ගෙන් සමහරෙක් ඔහු කිසි දා කතාබහ නොකළ අය පවා වූහ - ඔහුගේ සාප්පුව අලුත්වැඩියා කරමින් සහ බිඳී ගිය වීදුරු ඉවත් කරමින් සිටින අයුරු ය.

සහය ගලා එන්නට විය.

ඒ අසල පිහිටි රූපලාවන්‍යාගාරයක හිමිකරුවෙක් අලුත්වැඩියා කටයුතු සඳහා පවුම් 11,000කට වඩා වැඩි මුදලක් සපයා ගැනීමට හැකි වූ අරමුදල් සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. දේශීය ඉදිකිරීම්කරුවෙක් ඔහුගේ හානියට පත් ජනේල නොමිලේ ම ප්‍රතිස්ථාපනය කර දුන්නේ ය. ඔහුගේ සැපයුම්කරුවන්ගෙන් එක් අයෙක් අයිස්ක්‍රීම් පිරවූ පෙට්ටියක් රැගෙන පැමිණියේ ය.

දින කිහිපයකට පසු ඔහු නැවත සාප්පුව විවෘත කළේ ය.

1990 වකවානුවේ ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ බාලසූරිය පැවසුවේ, "ඔබට මේ තරම් සහයෝගයක් ලැබේවි කියලා ඔබ කිසි ම වෙලාවක හිතන එකක් නැහැ," යනුවෙනි.

අඅපිරිසිදු කිරීම් හා අලුත්වැඩියා කටයුතුවලට ජනතාව සහය වු අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, අඅපිරිසිදු කිරීම් හා අලුත්වැඩියා කටයුතුවලට ජනතාව සහය වු අයුරු

බදාදා රට පුරා ඇති වූ විශාල ප්‍රති-විරෝධතා රැල්ල තමාට සැනසීමක් ගෙන දුන් බව බාලසූරිය පැවසීය.

"කොහොම හරි දැන් මේක නවතින්න යන්නේ, සහ හැමෝට ම ආපහු ඒ අයගේ සාමාන්‍ය ජීවිතවලට යන්න පුළුවන්," ඔහු පැවසීය.

මෙය බාලසූරියගේ ජාතිවාදය පිළිබඳ ප්‍රථම අත්දැකීම වූවත්, ඔහුට දැන් තම දෛනික ජීවිතයේදී වඩා ත් ප්‍රවේශම්සහගතව කටයුතු කළ යුතු බවක් දැනේ.

"ඒක මම මිනිස්සුන්ගේ නරක දකිනවා වගේ එකක් නෙවෙයි, නමුත් ඒක මගේ ඔළුවේ තියෙනවා," යැයි ඔහු පැවසුවේ, වෙළෙඳසලෙන් පිටත ඇති නිලධාරීන් දෙදෙනෙකු රාජකාරියේ යෙදී සිටින ජංගම පොලිස් ස්ථානයක් දෙස බලමිනි.

අඅපිරිසිදු කිරීම් හා අලුත්වැඩියා කටයුතුවලට ජනතාව සහය වු අයුරු
අඅපිරිසිදු කිරීම් හා අලුත්වැඩියා කටයුතුවලට ජනතාව සහය වු අයුරු

දැනටමත් පිහි ඇනුමින් පීඩා විඳිමින් සිටින ප්‍රජාවකට මෙම කෝලාහල වේදනාවක් වන නමුත් බාලසූරිය යෝජනා කරන්නේ, ප්‍රචණ්ඩත්වය කෙරෙහි මෙම ප්‍රජාව දක්වන ප්‍රතිචාරය බලාපොරොත්තුවක් ලබා දෙන බව ය.

"ඒක මට මේ මිනිස්සු දීපු සල්ලි ගැන නෙවෙයි. ඒක ඇවිල්ලා මේ පණිවිඩ, මේ කාඩ්, මේ මල් ගැන. නන්නාඳුනන පිරිසකගෙන් ලැබුණු ඒ සහය අදහා ගන්න බැහැ."