ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර 45ක් ස්වේච්ඡාවෙන් දරුවන්ට පාර කියන අත්තම්මා
වසර 45ක් ස්වේච්ඡාවෙන් දරුවන්ට පාර කියන අත්තම්මා
Published
වසර 45ක් පුරා ස්වේච්ඡාවෙන් 'දරුවන්ට පාර කියන අත්තම්මා' ලෙස ප්‍රසිද්ධියට පත් වූ ලිලී වයලට් බොහෝ දෙනාගේ ආදරය හිමිකර ගන්නීය.
සතියේ දිනවල පෙරවරු 6.00 සිට පස්වරු 3.00 පමණ වනතෙක් ඇය කෑගල්ල, බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය අසළ සිට සිය මෙහෙවර ඉටු කරන්නීය.
නමුත් ඒ සඳහා ඇයට කිසිඳු වැටුපක් ලැබෙන්නේ නැත.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වසර 45ක් අසීමිත කැප කිරීම් කළ, පරාර්ථකාමී මෙහෙවරක නිරත ලිලී වයලට් ආදර්ශවත් චරිතයක් ලෙස පාසල් පෙළ පොතකට ද ඇතුළත් කර තිබේ.