ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'යහපත්ව ජීවත් වෙන්න අපිටත් අනික් අයට වගේ සලකන්න'
දරුවන් පාසලට යෑම සඳහා දිනකට කිලෝමීටර් 10ක් පමණ පා ගමනින් යා යුතු බවත් ගම්මානයේ අඩුපාඩු රැසක් පවතින බවත් වවුනියාව, නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ ජීවත්වෙන ජනතාව BBC සිංහල සේවයට පැවසූහ.
''මේ වරුසාව කාලේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ.කුලී වැඩකට යන්න නෑ. මාළු අල්ලන්න බෑ. නයි නටවන්න, රිලා නටවන්න, සාත්තර කියන්න යන්න බෑ. දැන් අපිට දෙන්න මිනිස්සු අතේ සල්ලිත් නෑ.'' යනුවෙන් ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ ජීවත් වන තෙලිඟු ජනයා අතීතයේදී ස්ථිර වාසස්ථානයක් නොමැතිව, තැනින් තැනට යමින් 'අහිකුණ්ඨික' (අහිගුණ්ටික) ජීවිත ගත කළහ. එහෙත් අද වන විට ඔවුන්ගෙන් කොටසක් ස්ථිර නිවාස සාදාගෙන ජීවත් වෙති.
අක්කරෙයිපත්තුව, කලාඔය , කුඩාගම, අන්දරකැලේ , වවුනියාව සහ මිහින්තලේ ආශ්‍රිතව තෙළිඟු ගම්මාන පිහිටා ඇත.
අතීතයේ දී තෙළිඟු බස කතා කළ ද මේ වනවිට සිංහල බස කතා කරන අතර ඔවුන් සිංහල නම් භාවිත කරයි.