යතුරු පැදි ගිලන් රථ සේවාවෙන් රෝගීන් බේරා ගන්නා අයුරු ඔබ දන්නවා ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ගිලන් රථ සේවාවේ සාමාජිකයින් පවසන්නේ, මෙම ක්‍රමය හේතුවෙන් රෝගීන් වෙත ඉතා කෙටි කාලයක් තුළ ළඟා වීමට අවස්ථාව ලැබී ඇති බවය.
යතුරු පැදි ගිලන් රථ සේවාවෙන් රෝගීන් බේරා ගන්නා අයුරු ඔබ දන්නවා ද?
Published

පකිස්ථානයේ පේෂාවර්හි පටු වීදීවල වාසය කරන රෝගීන්ට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වූ විට සාමාන්‍ය ගිලන් රථවලට ඔවුන් වෙත ළඟා වීම අතිශය දුෂ්කර වූයේ, මාර්ග ඉතා පටුවූ හෙයිනි. ඊට පිළියමක් ලෙස පේෂාවර් නගරය ආශ්‍රිතව යතුරු පැදි ගිලන් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

ගිලන් රථ සේවාවේ සාමාජිකයින් පවසන්නේ, මෙම ක්‍රමය හේතුවෙන් රෝගීන් වෙත ඉතා කෙටි කාලයක් තුළ ළඟා වීමට අවස්ථාව ලැබී ඇති බවය.