ඉරානයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගේ අවමංගල්‍යයට 'ජන ගඟක්'
ඉරානයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගේ අවමංගල්‍යයට 'ජන ගඟක්'
Published
ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරි අලි ලරිජානි සහ පැරාමිලිටරි බසීජ් බලකායේ ප්‍රධානී ගොලම්රේසා සොලෙයිමානිගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණි ජනතාවගෙන් ටෙහෙරානයේ 'විප්ලව චතුරශ්‍රය' පිරී ගියේය. ලරිජානි උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ලෙස සේවය කළ අතර යුද්ධය, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ තීරණ ගැනීමේදී කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කළ අයෙකු විය. මාර්තු 4 වන දින ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයෙන් කිලෝමීටර් 40ක් පමණ දුරින් ඇමරිකාව විසින් ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ කළ 'Iris Dena' යන ඉරාන යුධ නෞකාව ගිල්වීමෙන් මියගිය නාවිකයින් 84 දෙනා ද සිහිපත් කිරීම ද මෙම උත්සවයේදී සිදු විය.



