ඉත්තෑ පැටවෙකුගේ මිතුරිය වී වෛරල් වූ පොළොන්නරුවේ ශ්වේතා BBCයට කතා කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉත්තෑ පැටවෙකුගේ මිතුරිය වී වෛරල් වූ පොළොන්නරුවේ ශ්වේතා BBCයට කතා කරයි
ඉත්තෑ පැටවෙකුගේ මිතුරිය වී වෛරල් වූ පොළොන්නරුවේ ශ්වේතා BBCයට කතා කරයි
Published

කුඹුරු යායක් මැදින් ඉත්තෑවෙකු සහ බළලෙකු සමග ඇවිදිමින් යන කුඩා දැරියකගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකුගේ ආදරයට හා අවධානයට ලක් වී තිබිණි.

එය බංග්ලාදේශයේ දැරියකගේ වීඩියෝවක් බවට ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය පරිශීලකයින් පිරිසක් ද වාර්තා කර තිබිණි. නමුත් එම වීඩියෝවේ සිටින්නේ පොළොන්නරුවේ ජීවත් වන ශ්වේතා පුන්සඳී නමැති 7 හැවිරිදි දැරියක බව තහවුරු කර ගැනීමෙන් පසු BBC සිංහල සේවයේ අපි ඇගේ නිවස වෙත ගියෙමු.

"සත්තුන්ට කතා කරන්න පුළුවන්. නමුත් අපි ඒ භාෂාව දන්නේ නෑ. නමුත් මගේ දුව ඒ භාෂාව තේරුම් ගෙන තියෙන එක මට ලොකු සතුටක්" යනුවෙන් ශ්වෙතාගේ මව වන සුරම්‍යා නිරෝෂණී අප සමග පැවසුවා ය.