ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කෞතුක වස්තු : 'ලන්දේසීන් ගෙනිච්ච කඩු ලංකාවට ගේන්නේ නැතුව එහෙම තිබුණොත් හොඳ නැද්ද?'
ලන්දේසීන් 1765 දී සෙංකඩගල රජ මාලිගාව වටළා රැගෙන ගිය කෞතුක වස්තු හයක් දෙසැම්බර් මාසයේ දී යළි ලංකාවට රැගෙනවිත් විශේෂ ආරක්ෂාවක් යටතේ කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
ලෙවුකේ දිසාව භාවිත කළ බවට විශ්වාස කෙරෙන කාලතුවකුවක්, රනින් සහ රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තාන දෙකක් (උත්සව අවස්ථාවන්හි භාවිත කරන කඩු දෙකක්) රනින් කළ පිහියක් සහ තුවක්කු දෙකක් යළි ලංකාවට ලැබෙන කෞතුක භාණ්ඩ අතරට අයත් වේ.
''සමහර අයගේ සැකයක් තියෙනවා මේවා එහෙ තියෙන එක හොඳ නැද්ද මේවා නැති වුණොත් කියලා. ඒක සාධාරණ සැකයක්. කලින් කෞතුකාගාරයේ තිබුණු කඩු දෙකක් එකපාරටම අතුරුදහන් වෙනවා. අපි විශේෂ වැඩපිළිවලක් යොදනවා අපිට ලැබෙන පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා'' යනුවෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් පැවසුවේය.