ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාව විනාශ වීමට බලපෑ හේතුව ගැන හෙළිදරව්වක්: 'මිනිස්සු බොරුවකට විකිණුණා'

David Lochridge in a submersible looking out at an underwater reef

ඡායාරූප මූලාශ්‍රය, David Lochridge

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කිරීමෙන් පසු ඩේවිඩ් ඩේවිඩ් ලොක්රිජ් සේවයෙන් නෙරපා හැරිණි
    • Author, රෙබෙකා මොරෙල්
    • Role, විද්‍යා සංස්කාරක
    • Author, ඇලිසන් ෆ්රැන්සිස්
    • Role, ජ්‍යෙෂ්ඨ විද්‍යා මාධ්‍යවේදී
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

2023 වසරේදී ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාව අතුරුදන් වූ අවස්ථාවේදී ඩේවිඩ් ලොක්රිජ් බලාපොරොත්තු වූයේ ඔහුගේ හිටපු ප්‍රධානියා ඇතුළුව එහි සිටි පස්දෙනා මුදා ගත හැකි වනු ඇති බව ය.

"මෙහෙම වෙන එකක් නැහැ කියල මම හැම වේලේ ම බලාපොරොත්තු වුණා. ඒත් ඒ අය ඒ ගමන ඒ විදිහට දිගට ම ගියහොත් සහ ඒ අඩුපාඩු සහිත උපකරණත් එක්ක යම් දෙයක් සිද්ධ වේවි කියලා මම දැනගෙන සිටියා," ඔහු බීබීසීය වෙත පැවසුවේ ය.

2018 වසරේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හෙළි කිරීමන් අනතුර්ව සබ්මර්සිබල් යාත්‍රාවේ හිමිකාරීත්වය දරන ඕෂන්ගේට් සමාගම විසින් මෙම අකටයුතුකම් නාද කරන්නා සේවයෙන් පහ කරනු ලැබ තිබිණි.

2023 ජූනි මාසයේදී මෙම සබ්මර්සිබලය පුපුරා ගියේ ඕෂන්ගේට්හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් ඇතුළු එහි සිටි පුද්ගලයින් පස්දෙනාට ම මරු කැඳවමිනි.

අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායේ වාර්තාවකින් හෙළිදරව් වූයේ සබ්මර්සිබලයේ ආරක්ෂාව, පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධයෙන් ඕෂන්ගේට් සමාගම අපොහොසත් වීම වීම ව්‍යවසනයට බලපෑ ප්‍රධාන හේතුව බව ය.

"ගොඩක් දේවල් වෙනස් විදිහට කරන්න තිබුණා. මුල් නිර්මාණයේ සැලසුමේ සිට, ඉදිකිරීම දක්වා වගේ ම මෙහෙයුම් දක්වා මිනිසුන් බොරුවකට විකිණුනා." ලොක්රිජ් බීබීසීයට පැවසුවේ ය.

නමුත් ඕෂන්ගේට් සමාගම නතර කිරීම සඳහා එක්සත් ජනපද බලධාරීන්ට තවත් බොහෝ දේ කළ හැකිව තිබූ බව සහ කළ යුතුව තිබූ බව ඔහු තරයේ විශ්වාස කරයි.

Titan submersible during a dive in the sea. The sub is white with a dome at the front and a tail cover at the back with Oceangate Titan written on its side.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, ටයිටන්හි බඳේ සැලසුම සහ ඉදිකිරීම පිළිබඳ වාර්තාව තුළ විවේචනයට ලක්ව තිබේ

මීට වසර හතකට පෙර ලොක්රිජ් ඕෂන්ගේට් සමාගමේ සමුද්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස සේවයට එක්විය. ඔහු සිය පවුල ස්කොට්ලන්තයේ සිට එක්සත් ජනපදයට රැගෙන ආ අතර, සමාගමේ ඉලක්ක පිළිබඳ උද්යෝගයෙන් යුතුව සිටියේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලොව ප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් පවතින ස්ථානය නැරඹීම සඳහා පුද්ගලයින් රැගෙන යාමට ඕෂන්ගේට් සමාගම දිය යටින් ගමන් කළ හැකි නව සබ්මර්සිබලයක් නිර්මාණය කරමින් සිටියේ ය. මුදල් ගෙවා මගීන්ට ඊට සම්බන්ධ විය හැකි විය.

සබ්මර්සිබලය සැලසුම්කරණය සිදු කරන කණ්ඩායම සමග එක්ව වැඩ කරමින් ඔහු ආරම්භයේ සිටම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට නියමිතව සිටියේ ය.

ඍජුව අදහස් දක්වන මෙම ග්ලාස්ගෝ වැසියා පළමුව රාජකීය නාවික හමුදාව සමගත් අනතුරුව සබ්මර්සිබල් නියමුවෙකු ලෙසත් වසර 25කට වැඩි කාලයක් මුහුදේ සේවය කර ඇත. ඔහු මුහුද යට සිරවී සිටින මිනිසුන්ගේ මුදා ගැනීම සිදු කරන සබ්මැරීන ගලවා ගැනීමේ මෙහෙයුම් ද මෙහෙයවා තිබේ. ගැඹුරට කිමිදීමේදී පවතින අවදානම ගැන ඔහු හොඳින් දනී.

කිමිදුම් සැලසුම් කිරීම සහ ප්‍රධාන නියමුවා ලෙස ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට සබ්මර්සිබලයේ යන මගීන් මුහුදු රැළි අතරින් මීටර් 3,800ක් ගැඹුරට රැගෙන යාම ඔහුගේ වගකීම් අතරට ඇතුළත් විය. ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම ඔහුගේ රැකියාවේ මූලිකාංගය විය.

"සමුද්‍රීය මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස සෑම කෙනෙකුට ම වගකිව යුතු පුද්ගලයා මමයි," ඔහු බීබීසී පුවත් වෙත පැවසුවේ ය. "ඕෂන්ගේට් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සහ සබ්මර්සිබලයේ ගමන් කිරීමට පැමිණෙන සියලු ම මගීන්ගේ ආරක්ෂාව සඳහා මම වගකිව යුතුයි."

Pictures of Stockton Rush, Hamish Harding, Paul-Henri Nargeolet, Shahzada Dawood and his son Suleman

ඡායාරූප මූලාශ්‍රය, Supplied via Reuters / AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉහළ වමේ සිට දක්ෂිණාවර්තව: ස්ටොක්ටන් රෂ්, හේමිෂ් හාඩින්ග් සහ ෂෙහෙසාදා ඩවූඩ් හා ඔහුගේ පුත් සුලේමාන් ඩවූඩ් සහ පෝල්-ඔන්රි නාජලෙට් අනතුරින් ජීවිතක්ෂයට පත් විය

ටයිටන්හි මුල් ආකෘතිය වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික භෞතික විද්‍යාගාරය (Applied Physics Laboratory - APL) සමග ගොඩනැගෙමින් තිබිණි. සැලැස්ම වූයේ මගීන් අසුන් ගන්නා එහි බඳ කොටස කාබන් ෆයිබර්වලින් සකස් කිරීම ය.

මීට පෙර මෙම ද්‍රව්‍යයෙන් ගැඹුරු මුහුදු පතුලට ගමන් කිරීම සඳහා සබ්මර්සිබල සකසා නොතිබුණු අතර බොහෝමයක් නිපදවා තිබුණේ ටයිටේනියම් හෝ වානේ යොදා ගෙනයි. නමුත් ලොක්රිජ්ට APL කණ්ඩායම පිළිබඳ විශ්වාසයක් තිබිණි.

යාත්‍රාවේ ආරක්ෂාව සම්බන්ධ තක්සේරුව ස්වාධීන සමුද්‍ර සංවිධානයක් මගින් සිදු කරන බවට ඕෂන්ගේට්හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් තමාට පැවසූ බව ඔහු පැවසීය.

ටයිටන් පර්යේෂණාත්මක ද්‍රව්‍යවලින් සෑදිය යුතු වූ බැවින් මෙම තෙවන පාර්ශවයේ අධීක්‍ෂණය අත්‍යවශ්‍ය බවට ලොක්රිජ්ට දැඩි ස්ථාවරයක සිටියේ ය.

නමුත් 2016 වසරේ ගිම්හානය වන විට ඔහු මෙම ව්‍යාපෘතිය පිළිබඳ සැක මතු විය.

ඕෂන්ගේට් APL සමග කටයුතු කිරීම නවතා දැමූ අතර ටයිටන්හි සැලසුම සහ ඉදිකිරීම් තමන් විසින් ම සිදු කිරීමට තීරණය කෙරිණි.

ලොක්රිජ් ඒ පිළිබඳ කනස්සල්ලට පත් විය. ඕෂන්ගේට් සමාගමේ ඉංජිනේරුවන් පිළිබඳ ඔහුට එවැනි විශ්වාසයක් නොතිබිණි. ටයිටැනික් නෞකාවේ සුන්බුන් හමුවන ගැඹුරු සාගර පතුලේදී ඇති වන දැවැන්ත පීඩනයට ඔරොත්තු දීම සඳහා සබ්මර්සිබල තැනීමේ අත්දැකීම ඔවුන්ට තිබුණු බවට තමන් නොසිතුවේ යැයි ඔහු බීබීසී පුවත් වෙත පැවසුවේය.

"ඒ අවස්ථාවේදී තමයි මම ප්‍රශ්න කරන්න පටන් ගත්තේ... ඒවා අහන්න මට වගකීමක් තිබුණා කියලා මට දැනුණා," ඔහු පැවසීය.

ටයිටන්හි කොටස් ලැබීම ඇරඹි විට සහ එය සකස් කෙරෙන විට ඔහු නොනවත්වා ගැටලු නිරීක්ෂණය කළ බව ලොක්රිජ් පැවසුවේය.

"කාබන්වලින් සැකසූ බඳ කොටස රැගෙන ආ විට ඒක ඇත්තට ම අවුල්සහගත වුණා," ඔහු පැවසීය.

එම බඳ කොටසේ කාබන් තන්තු ස්ථර වෙන් වන ප්‍රදේශවල ඔහු දෘශ්‍යමාන හිඩැස් දුටුවේ ය.

එමෙන් ම ඔහු අනෙක් ප්‍රධාන කොටස්වල පවතින ගැටලු ද හඳුනා ගත්තේ ය.

David Lochridge onboard the deck of a ship. He is wearing a headset and helmet - the sea in the background.

ඡායාරූප මූලාශ්‍රය, David Lochridge

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩේවිඩ් ලොක්රිජ්ට මුහුද සම්බන්ධයෙන් වසර ගණනාවක අත්දැකීම් තිබිණි

කාබන් ෆයිබර් මගින් සැකසූ බඳෙහි එක් එක් කෙළවරේ වක්‍රාකාර ටයිටේනියම් ආවරණ සවි කර තිබූ නමුත් එය නිවැරදිව සැකසා නොතිබුණු බව ඔහු පැවසුවේය.

වඩාත් ම වැදගත් දෙය නම්, ටයිටන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ස්වාධීන සහතිකයක් නොලැබෙන බවට ඔහුට වැටහිණි.

නිශ්ශබ්දව නොසිට ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති ගැටලු ගැන තමන් සෑම අවස්ථාවකදී ම විවෘතව කතා කළ බව ත් මේ අවස්ථාවේදී ද ඔහු නිශ්ශබ්දව නොසිටීමට තීරණය කළ බව ඔහු බීබීසීයට පැවසුවේ ය.

"මම දකින සියලු ම ප්‍රශ්න ඉදිරිපත් කළා... නමුත් මට මට හැම පැත්තකින් ම විරෝධයක් එල්ල වුණා," ඔහු පැවසීය.

2018 ජනවාරි මාසයේදී, ඔහු නැවතත් ස්ටොක්ටන් රෂ් වෙත ඔහුගේ මේ බව සැල කළේ ය. මෙම අවස්ථාවේදී රෂ් ඔහුගෙන් ඉල්ලා සිටියේ යාත්‍රාව පරීක්ෂා කිරීම සම්පූර්ණ කරන ලෙස ය.

ටයිටන් එහි සංවර්ධන ක්‍රියාවලියේ තීරණාත්මක අවස්ථාවක තිබිණි. එම වසරේ අගභාගයේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ ටයිටැනික් වෙත ගමන් කිරීම සඳහා මගීන් ඒ වනවිටත් අතිකාරම් මුදල් ගෙවා තිබිණි. ගවේෂණය ආරම්භ වීමට පෙර බහාමාස්හිදී කිමිදුම් පරීක්ෂණ ආරම්භ වීමට නියමිතව තිබිණි.

ලොක්රිජ්ට අවශ්‍යව තිබුණේ ඕෂන්ගේට් මෙම සැලසුම් ප්‍රමාද කරනු දැකීමයි.

"මම වාර්තාවක් සකස් කර එය සමාගමේ සියලු ම අධ්‍යක්ෂවරුන්ට යොමු කළා."

පසු දිනයේදී රෂ් සහ ඕෂන්ගේට්හි තවත් සේවකයින් කිහිප දෙනෙකු සමග රැස්වීමකට ඔහු කැඳවනු ලැබ තිබිණි.

පැය දෙකක් පුරා පැවති රැස්වීමේ පිටපත් වාර්තාවක් ලොක්රිජ් සහ රෂ් අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවක් පිළිබඳව හෙළි කරයි.

රැස්වීම අවසානයේදී ලොක්රිජ් ආරක්ෂාව සම්බන්ධයෙන් මතු කළ ගැටලුවලට ප්‍රතිචාර ලෙස රෂ් මෙලෙස පැවසුවේ ය: "මට මැරෙන්න කිසි ම උවමනාවක් නෑ. මට ලස්සන මිණිබිරියක් ඉන්නවා. මම කොහේවත් යන්නේ නැහැ. මට මේ අවදානම තේරෙනවා, මට ඒ ගැන අවබෝධයක් තිබෙනවා, මම හිතන්නේ මේක මම කරන ආරක්ෂිතම දේවල්වලින් එකක් කියලා."

To Lochridge's surprise, immediately after this meeting he was fired.

ලොක්රිජ් මවිතයට පත් කරවමින් මෙම රැස්වීමෙන් පසු වහා ඔහු සේවයෙන් නෙරපා හැරිණි.

නමුත් ඔහු ටයිටන් පිළිබඳ කෙතරම් සැලකිල්ලක් දැක්වූවේ ද යත් ඔහු එක්සත් ජනපද රජයේ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය පරිපාලනය (OSHA) වෙත ගියේ ය.

OSHA ඔහුට පවසා තිබුණේ, මහජන ආරක්ෂාව සම්බන්ධ බැවින් ඔහුගේ දැනුම් දීම හදිසි කාරණයක් බව ය. එමෙන් ම, එය සිදු කෙරුණේ සේවා ස්ථානවල අක්‍රමිකතා සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී සේවායෝජකයින්ගෙන් සේවකයින්ට හානියක් නොවීම සඳහා සකසා ඇති අකටයුතුකම් නාද කරන ක්‍රමය යටතේ ය.

මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, 2018 පෙබරවාරි මාසයේදී OSHA මගින් ටයිටන් පිළිබඳ ලොක්රිජ්ගේ අනාවරණය එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය (USCG) වෙත යොමු කර තිබිණි.

නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව පවසමින් OSHA විසින් ඕෂන්ගේට් වෙත ලිපියක් යොමු කරනු ලැබීමෙන් පසුව සියල්ල වෙනස් වූ බව ලොක්රිජ් පවසයි.

මාර්තු මාසයේදී ඕෂන්ගේට් ලොක්රිජ්ගෙන් ඉල්ලා සිටියේ OSHA වෙත සිදු කළ පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස ත් නීති කටයුතු සඳහා වියදම් ලෙස ඩොලර් 10,000ක් ගෙවන ලෙස ත් ය. ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය.

ඉන්පසු 2018 ජූලි මාසයේදී කොන්ත්‍රාත්තු කඩ කිරීම, වෙළෙඳ රහස් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, වංචාව සහ සොරකම් කිරීම සහ වෙනත් චෝදනා සඳහා ඕෂන්ගේට් සමාගම ලොක්රිජ්ට සහ ඔහුගේ බිරිඳ කැරොල්ට එරෙහිව නඩු පැවරීය. ඊළඟ මාසයේදී ලොක්රිජ් අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීමට එරෙහිව පෙරළා නඩු පැවරීය.

මෙම ක්‍රියාවලිය පුරාවට ම OSHA මන්දගාමී ලෙස කටයුතු කළ අතර ඔවුන් ඕෂන්ගේට් සමාගමෙන් සිදු කළ පළිගැනීම්වලින් ඔහුව ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බව ලොක්රිජ් පැවසීය.

"මම OSHA වෙත සියලු ම ලියකියවිලි ලබා දුන්නා, මම සති කිහිපයකට වරක් OSHA වෙත දුරකතනයෙන් කතා කළා," ඔහු පැවසුවේ ය. "නමුත් OSHA කිසිවක් කළේ නැහැ"

'ඔවුන් අපව පරාජය කළා'

2018 දෙසැම්බරයේදී, ඕෂන්ගේට් සමාගමේ නීතිඥයින්ගෙන් එල්ල වූ දැඩි පීඩනය ඉහළ යාම හමුවේ, ලොක්රිජ් සහ ඔහුගේ බිරිඳ නඩුව අතහැර දැමීමට තීරණය කළහ.

මෙයින් අදහස් වූයේ, නීතිමය කටයුතු සමථයකට පත් වූ බව ය. එමෙන් ම මෙම ගිවිසුමේ කොටසක් ලෙස ලොක්රිජ් OSHA වෙත සිදු කර තිබූ ඔහුගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේ ය. OSHA සිය විමර්ශනය නතර කළ අතර පැමිණිල්ල අත්හිටුවා ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය වෙත දැනුම් දුනි. ලොක්රිජ් හෙළිදරව් නොකිරීමේ ගිවිසුමකට ද අත්සන් කළේ ය.

"කැරොල් සහ මම අපට ශාරීරිකව අපිට කළ හැකි හැමදෙයක් ම කළා. එක තැනකට ආවා අපේ ශක්තිය මුළුමනින් ම නැති වුණා... අපිට දෙන්න දෙයක් ඉතුරු වුණේ නැහැ. ඔවුන් අපිව පරාජය කළා."

ඕෂන්ගේට් ටයිටැනික් නෞකාව වෙත ළඟා වීමට එහි සැලසුම් සමග වේගයෙන් ඉදිරියට ගොස් තිබිණි.

2018 සහ 2019දී, සබ්මර්සිබලයේ මුල් ආකෘතියේ පළමු පරීක්ෂණය බහමාස්හි සිදු කළ අතර ස්ටොක්ටන් රෂ් විසින් නියමු කාර්යය සිදු කරන ලද එය මීටර් 3,939ක් ගැඹුරට ළඟා විය.

අනතුරුව සබ්මර්සිබලයේ කාබන් ෆයිබර් බඳෙහි පැවැති ඉරිතැලීමක් සොයා ගන්නා ලද අතර 2020දී එම හානියට පත් බඳ අළුත් කොටසක් සඳහා මාරු කර තිබිණි. එය ටයිටන්හි දෙවන අනුවාදය විය.

2021 වසරේදී සමාගම ටයිටැනික් වෙත මගීන් රැගෙන යාම ආරම්භ කළ අතර ඊළඟ ගිම්හාන ඍතු දෙක තුළ මෙම සුප්‍රසිද්ධ නෞකාවේ සුන්බුන් වෙත කිමිදුම් 13ක් සිදු කර තිබිණි.

නමුත් 2023 ජූනි මාසයේදී, ස්ටොක්ටන් රෂ් ඇතුළු පස් දෙනෙකු සමග සබ්මර්සිබලය අතුරුදන් විය. දින ගණනාවක් පුරා බලා සිටීමෙන් අනතුරුව සාගර පතුලේ තිබී සබ්මර්සිබලයේ සුන්බුන් සොයා ගැනිණි.

පසුගිය වසරේදී එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය ජනයාගෙන් සාක්ෂි විමසූ අවස්ථාවේදී ලොක්රිජ් OSHA ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ විවේචන එල්ල කළේ ය. "මා විසින් අවස්ථා රැසකදී මතු කරන ලද කරුණුවල බරපතළකම විමර්ශනය කිරීමට OSHA උත්සහ කළේ නම් මෙම ඛේදවාචකය වළක්වා ගත හැකිව තිබූ බව මම විශ්වාස කරනවා."

"එය සිදු විය යුතු වුණේ නැහැ. එය නතර කළ යුතුව තිබුණා. එය සිදු වුණේ නැහැ."

ලොක්රිජ්ට ප්‍රතිචාර වශයෙන්, OSHAහි ප්‍රකාශකයෙකු පැවසුවේ, එහි අකටයුතුකම් නාද කරන්නන් සඳහා පවතින ආරක්ෂණ වැඩසටහන සේවායෝජකයාගේ පළිගැනීම්වලට එරෙහිව පුද්ගලයන් ආරක්ෂා කිරීමට සීමාසහිත වූ බව ය. ඔවුන්ගේ විමර්ශනය "පළිගැනීමේ නඩුවක් සඳහා පවතින සාමාන්‍ය ක්‍රියාවලිය සහ කාල රාමුව අනුගමනය කළ" බව ද ඔවුහු පැවසූහ.

OSHA පැවසුවේ, මහජන ආරක්ෂාව පිළිබඳ තොරතුරු හෙළි කරන්නන්ගේ එල්ල කරන චෝදනා එම ආයතනය විමර්ශනය නොකරන බවයි… නමුත් ඒ වෙනුවට අදාළ නියෝජිතායතන වෙත ඒවා යොමු කරන බව පැවසීය. මෙම සිදුවීමේදී එම ආයතනය වන්නේ එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායයි.

"සමුද්‍රීය යාත්‍රා ආරක්ෂිතව සැලසුම් කිරීම සහ ඉදිකිරීම සම්බන්ධයෙන් ලොක්රිජ් මහතා එල්ල කළ චෝදනා විමර්ශනය කිරීමට අධිකරණ බලය තිබුණේ වෙරළාරක්ෂක බළකායට මිස OSHA වෙත නොවේ," ප්‍රකාශකයා එලෙස පැවසුවේ ය.

නමුත් මෙම ව්‍යසනය පිළිබඳ එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය නිකුත් කළ වාර්තාව ලොක්රිජ් සමග එකඟ විය. OSHA මගින් අදාළ විමර්ශනය මන්දගාමී ලෙස සිදු කිරීම නිසා රජයේ කඩිනම් මැදිහත්වීම සඳහා තිබූ අවස්ථාව මග හැරුණු බව ඔවුහු පෙන්වා දෙති.

OSHA සහ එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය අතර ඵලදායී සන්නිවේදනයක් සහ සම්බන්ධීකරණයක් නොමැති වීම ද වාර්තාව මගින් විවේචනය කර ඇත.

ලොක්රිජ්ගේ පැමිණිල්ල පිළිබඳව OSHA වෙතින් වෙරළාරක්ෂක බළකාය වෙත යොමු කළ ඊමේල් පණිවුඩය නොලැබුණු බව පරීක්ෂණයෙන් අනාවරණ වී තිබේ. එය OSHA වෙතින් යොමු කරන පැමිණිලි නිරීක්ෂණය කිරීමේ වගකීම පවතින කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙත යොමු කර ඇති නමුත් සේවකයා ආයතනය තුළ නව රැකියාවකට සම්බන්ධ වී ඇත.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායේ සමුද්‍ර විමර්ශන මණ්ඩලයේ සභාපති ජේසන් නියුබවර් බීබීසීයට පැවසුවේ, වෙරළාරක්ෂක බළකායට මීට වඩා දෙයක් කළ හැකිව තිබූ බව ය.

"මෙම සිද්ධියේ අකටයුතුකම් නාද කරන්නා නිසි ලෙස ආරක්ෂා වෙලා නැහැ. ඒ නිසයි අපි ඒක වැඩිදියුණු කරන්න අපි - අපි ඒක දැනටමත් කරලා තියෙන්නේ."

අනතුරෙන් පසුව, එය මෙහෙයුම් ස්ථිරව ම නතර කර ඇති අතර, පරීක්ෂණයට සහයෝගය දැක්වීම සඳහා එහි සම්පත් යොමු කර ඇති බව ඕෂන්ගේට් සමාගම පැවසීය.