ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ප්ලාස්ටික් නත්තල් ගහක් 600 ඉඳන් 20,000යි'
නත්තල වෙනුවෙන් නිවස ගව ලෙනකින් සහ නත්තල් ගහකින් සැරසීමට කිතුණු බැතිමත්හු කටයුතු කරති.
එහෙත් රටේ පවතින ආර්ථික අර්බුදය හා භාණ්ඩ මිල ඉහළ යෑම සැලකීමේ දී දරුවන් සමග මෙවර නත්තල සැමරීම දැඩි අභියෝගයක් වී ඇතැයි බොහෝ දෙනෙකු BBC සිංහල සේවය සමග පැවසූහ.
නත්තල් ගහක් රුපියල් 2000 සිට කොළඹ, හැව්ලොක් ප්‍රදේශයේ අලෙවි වේ.
ප්ලාස්ටික් නත්තල් ගහක් රුපියල් 600ත් 20,000ත් අතර මුදලකට කොළඹ කොටුවේ අලෙවි වන බව අද (දෙසැම්බර් 22) අප කළ සොයා බැලීමක දී අනාවරණය විය .
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට ගව ලෙනක් රුපියල් 1200 සිට අලෙවි වේ.
භාණ්ඩ අලෙවි කර ගත නොහැකිව වෙළඳුන් ලත වෙද්දී ඒවායේ මිළ වැඩි බවට ජනතාව මැසිවිලි නගති.