ඩෙංගු අධිඅවදානම් කලාප මෙන්න: දිස්ත්‍රික්ක 14ක් අනතුරේ - ඔබේ ප්‍රදේශය සුරක්ෂිත ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව ඩෙංගු අවදානම වැඩි ම පළාත බස්නාහිර පළාත ලෙස නම් කර ඇති අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ ම ග්‍රාම නිලධාරී වසම් රැසක් ඊට අයත් වේ.
බස්නාහිර පළාතේ අධිඅවදානම් ග්‍රාම නිලධාරී වසම් මොනවා ද?
ඩෙංගු අවදානම වැඩි ම දිස්ත්‍රික්කය වන්නේ, කොළඹ දිස්ත්‍රික්කය යි. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනේ ම ඩෙංගු අධිඅවදානමක් සහිත ගාමසේවා නිලධාරී වසම් සියල්ල පහත දැක්වේ.
01. කොළඹ දිස්ත්‍රික්කය
බත්තරමුල්ල - බටපොත, සුභූතිපුර, තලංගම උතුර, වල්පොළ, කලපළුවාව, මුත්තෙට්ටුගොඩ
බොරලැස්ගමුව - වේරහැර දකුණ, කටුවාවල දකුණ, නැගෙනහිර බොරලැස්ගමුව, නීලම්මහර, බෝධිරාජපුර, දිවුල්පිටිය නැගෙනහිර
දෙහිවල - කොහුවල, D1, කරගම්පිටිය, නැදිමාලේ
එගොඩඋයන - ඉඳිබැද්ද නැගෙනහිර, එගොඩ උයන දකුණ, එගොඩ උයන උතුර, ඉඳිබැද්ද බටහිර, මොරටුමුල්ල නැගෙනහිර, බටහිර විල්ලෝරාවත්ත
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගොතටුව - හිඹුටාන බටහිර, මුල්ලේරියාව උතුර, ගොතටුව නව නගරය, කොටුවිල, බලගම, මෙගොඩ කොලොන්නාව, උඩුමුල්ල දකුණ, වෙලේවත්ත, වෙන්නවත්ත, කැලණිමුල්ල, මහබුත්ගමුව සී, රාජසිංහගම
හංවැල්ල - කොටිකාවත්ත නැගෙනහිර, එගොඩගම, කිරිවන්දල උතුර, මාවතගම බටහිර, තුන්නාන නැගෙනහිර
හෝමාගම - කටුවන, පිටිපන උතුර, ගලවිලවත්ත උතුර, හෝමාගම දකුණ, පිටිපන දකුණ, හේනවත්ත, ජල්තර, මාවතගම, පනාගොඩ නැගෙනහිර
කඩුවෙල - මාලබේ, තලාහේන, හේවාගම, අතුරුගිරිය, කොරතොට, හෝකන්දර දකුණ, ඔරුවල, බෝමිරිය
කහතුඩුව - හිරිපිටිය, නියඳගල, මත්තේගොඩ, බ්‍රාහ්මණගම, කිරිවත්තුඩුව, කහතුඩුව උතුර, පොල්ගස්ඕවිට
කැස්බෑව - හොන්නන්තර දකුණ, මඩපාත, මාකන්දන නැගෙනහිර, මාකන්දන බටහිර
මහරගම - කොට්ටාව දකුණ, මාකුඹුර උතුර, ගොඩිගමුව උතුර, කොට්ටාව නගරය, ගොඩිගමුව දකුණ බී, ගොඩිගමුව දකුණ ඒ, දෙපානම, කොට්ටාව බටහිර, වත්තේගෙදර, නාවින්න, දඹහේන, මහරගම නගරය, රුක්මලේ බටහිර, කොට්ටාව උතුර, මාකුඹුර දකුණ
කොලොන්නාව - ඔරුගොඩවත්ත, සාලමුල්ල, සේදවත්ත
මොරටුව - බොරුපන, තෙලවල උතුර, මෝල්පේ, රාවතාවත්ත බටහිර, අඟුලාන උතුර, ලක්ෂපතිය දකුණ, තෙලවල දකුණ, කටුබැද්ද, ලක්ෂපතිය උතුර, රාවතාවත්ත නැගෙනහිර
පාදුක්ක - පාදුක්ක, ගලගෙදර දකුණ
නුගේගොඩ - නුගේගොඩ, ඔබේසේකරපුර, ගංගොඩවිල උතුර, ගංගොඩවිල දකුණ, නුගේගොඩ බටහිර, වැලිකඩ නැගෙනහිර, වැලිකඩ උතුර
පිළියන්දල - නැගෙනහිර පැලැන්වත්ත, තුම්බෝවිල, දකුණ මකුළුදූව, උතුර පැලැන්වත්ත, බෝකුන්දර, ගොරකපිටිය, නැගෙනහිර ඇරැව්වල, බටහිර ඇරැව්වල, මාම්පේ, උතුරු පලිගෙදර
පිටකෝට්ටේ - මාදිවෙල, පිටකෝට්ටේ
රත්මලාන - කඩවල, රත්මලාන නැගෙනහිර, අත්තිඩිය, උතුර බඩෝවිට, ගල්කිස්ස, වැලිකන්ද
D1 - මට්ටක්කුලිය/සමිට්පුර, මෝදර, මහවත්ත, මාදම්පිටිය, අලුත්මාවත, ලුණුපොකුණ, බ්ලූමැන්ඩල්, කොටහේන නැගෙනහිර, කොටහේන බටහිර
D2A - කොච්චිකඩේ උතුර, ජින්තුපිටිය, මසංගස්වීදිය, ග්‍රෑන්ඩ්පාස් උතුර, නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් දකුණ/ඛෙත්තාරාම, නැගෙනහිර අලුත්කඩේ, කෙසෙල්වත්ත, කොටුව, මාලිගාවත්ත නැගෙනහිර, කොච්චිකඩේ දකුණ
D3 - දෙමටගොඩ, වනාතමුල්ල, කුප්පියාවත්ත නැගෙනහිර, බටහිර කුප්පියාවත්ත, බොරැල්ල උතුර, බොරැල්ල දකුණ, කුරුඳුවත්ත
D4 - නාරාහේන්පිට/ගෝතමීපුර, තිඹිරිගස්යාය, කිරුළපන, නැගෙනහිර පාමංකඩ
D5 - බම්බලපිටිය, මිලාගිරිය, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත උතුර, බටහිර පාමංකඩ, වැල්ලවත්ත දකුණ
2. ගම්පහ දිස්ත්‍රික්කය
අත්තනගල්ල - කළගෙඩිහේන, සපුගස්තැන්න, පහළ තිහාරිය, තිහාරිය නැගෙනහිර, තිහාරියගම, මගලෙගොඩ, වටද්දර බටහිර, හිරිපිටිය උතුර, හිරිපිටිය මධ්‍යම
සීදූව - මූකලන්ගමුව නැගෙනහිර, ලියනගේමුල්ල දකුණ, කුරණ - කටුනායක, ඇවරිවත්ත, හීනටියන බටහිර
කැලණිය - ඊරියවැටිය, පට්ටිය නැගෙනහිර, වෙදමුල්ල, හිඹුටුවැලගොඩ, වරාකනත්ත, හුණුපිටිය නැගෙනහිර, නාහේන
රාගම - පොඩිවීකුඹුර, පේරලන්ද, රාගම, තේවත්ත
මිනුවන්ගොඩ - දොඹවල, ජාපාලවත්ත, මැද යටියන, වෑලිය, පොල්වත්ත
මීගමුව - වේල්ලවීදිය නැගෙනහිර, මුන්නක්කරය උතුර
බියගම - බියගම W, බියගම N, සියඹලාපේ S, ගෝණවල මධ්‍යම, හෙයියන්තුඩුව E, හෙයියන්තුඩුව W, වල්ගම W, වල්ගම E, මල්වාන, මාකොළ
වත්තල - වැලිකඩමුල්ල, කෙරවලපිටිය, හේකිත්ත, පල්ලියවත්ත N, බලගල්ල
කටාන - කේ.සී. ද සිල්වාපුර, කදිරාන, මහහුණුපිටිය බටහිර
දොම්පේ - නාරම්පොළ, කළුකොඳයාව බටහිර, දෙකටන, හැලුම්මහර, කිඹුල්විලවත්ත, මොරහේන, පහළ මාපිටිගම, පැලහල, ඉන්දොළමුල්ල
ජාඇළ - කපුවත්ත, ඉඳිවිටිය, දඬුගම, හපුගොඩ නැගෙනහිර, උස්වත්ත
මහර - ගොංගිතොට, පින්නමැද, නාතුඩුව, කිරිකිත්ත උතුර, සූරියපාළුව දකුණ
දිවුලපිටිය - සායක්කාරමුල්ල, හපුවලාන, පින්නකැළේවත්ත, තොටිල්ලගහවත්ත, දාගොන්න
ගම්පහ - වැලිවේරිය උතුර, වැලිවේරිය බටහිර, යක්කල උතුර, අලුත්ගම උතුර, පරකන්දෙණිය උතුර, අලුත්ගම නැගෙනහිර
මීරිගම - පස්යාල, ලෝලුවාගොඩ, රද්දල්ගොඩ, වෑබඩමුල්ල, වලව්වත්ත
03. කළුතර දිස්ත්‍රික්කය
බණ්ඩාරගම - අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල
හොරණ - හොරණ උතුර, හොරණ දකුණ, මූණගම බටහිර, හල්තොටියාවත්ත, මිදෙල්ලමුලහේන, දඹර, මීවනපලාන, නර්තනගල, මූණගම නැගෙනහිර
ඉංගිරිය - රත්මල්ගොඩ නැගෙනහිර, වගවත්ත, නිමලගම
මතුගම - කටුගහහේන
පානදුර - ගොරකාන දකුණ, මීරියවත්ත
වාද්දුව - පින්වත්ත, වාද්දුව බටහිර
කළුතර MOH - රජවත්ත අලුත් කොටස, නාගොඩ බටහිර, කුඩාහීනටියංගල, බෝඹුවල උතුර සහ දකුණ
පයාගල MOH - පයාගල උතුර, හල්කඳවිල, මුංහේන, මැහිමුල්ල
සෙසු අධිඅවදානම් දිස්ත්‍රික්ක මොනවා ද?
කොළඹ දිස්ත්‍රික්කය ද ඇතුළුව දිස්ත්‍රික්ක 14ක් අධිඅවදානම් කලාප සහිත දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති අතර, එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක යි.
බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ යන පළාත්වල සියලු දිස්ත්‍රික්ක ඊට ඇතුළත් වේ.
මේ වන විට ඩෙංගු රෝගයෙන් මරණ 29ක් වාර්තා වී ඇති අතර, වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 47,000 ඉක්මවා තිබේ.
ඒ අතරින්, වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ, බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලිනි.































