ඉන්දියාවේ විශාලතම 'මාරක ළිඳේ' නිර්භීත ධාවකයින්ගේ ඉරණම

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියාවේ විශාලතම 'මාරක ළිඳේ' නිර්භීත ධාවකයින්ගේ ඉරණම
Published

මෙය උතුරු ඉන්දියාවේ 'මරණයේ ළිඳ' ලෙස හැඳින්වෙන යෝධ ලී බැරලයක් වැනි ව්‍යුහයක් තුළ රියදුරන් ගුරුත්වාකර්ෂණය නොතකා තම බයිසිකල් සහ මෝටර් රථ ධාවනය කරන සංදර්ශනයකි.

දශක ගණනාවක් තිස්සේ පුහුණු වෘත්තිකයන් විසින් මේ ත්‍රාසජනක ක්‍රියා කරනු ලැබේ.

නමුත් තරුණ තරුණියන්ට දැන් වෙනස් ජීවිත අවශ්‍ය බැවින් මේ ත්‍රාසජනක ක්‍රියා සඳහා ඉතිරිව සිටින්නේ වෘත්තීය ධාවකයින් අතළොස්සකි. මේ ත්‍රාසජනක ධාවකයින් විස්තර කරන්නේ ඔවුන් මරණයත් සමඟ මේ ත්‍රාසජනක ක්‍රිඩාවේ නිරතවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවයි.