කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාවේ පළමු COVID 19 රෝගියා උගත් පාඩම්

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා වෛරසය ; ශ්‍රී ලාංකාවේ පළමු රෝගියා COVID 19 නිසා මිනිසුන් ගැන උගත් පාඩම්
Published

කොවිඩ්-19 රෝගය වැළඳීම තුළින් තමන්ට සැබෑ මිනිසුන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු පළමු ශ්‍රී ලාංකිකයා වූ ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

''දැන් ඉස්සර වගේ අපේ ගෙදරට කවුරුවත් එන්නේ නෑ. ඥාති, හිතමිතුරු බැඳීම් ගැන මේ මාස 11ට අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බුදු දහම අනුව ජීවත් වෙන මම මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලනවා'' යනුවෙන් ඔහු පැවසුවේය.

තමන් මෙන්ම බිරිඳ මුහුණදුන් අත්දැකීම් ද ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට විස්තර කළේය.

කොරෝනා-19 රෝගය ඔහුට වැළඳී ඇති බව 2020 මාර්තු 09 වැනිදා තහවුරු විය.

කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යයාතයනයේ ප්‍රතිකාර ලැබූ ජයන්ත සුවය ලැබීමෙන් අනතුරුව 2020 මාර්තු 22 වැනි දා යළි නිවසට පැමිණ තිබුණි.

නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය

ෂර්ලි උපුල් කුමාර