ප්‍රහාරයෙන් පසු ඇසෑම් වාසීහු දහස් ගණනක් පලා යති

Published

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සංවිධානාත්මකව එල්ල කළ ප්‍රහාර මාලාවකින් හැත්තෑවකට අධික පිරිසක් මිය යාමෙන් අනතුරුව ප්‍රදේශවාසීහු දහස් ගණනක් නිවෙස් හැර පලා යති.

ප්‍රදේශය පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර පණ බේරා ගැනීම සඳහා පලා එන පිරිසට නවාතැන් ලබා දීම සඳහා රජයෙන් කඳවුරු පිහිටුවා තිබේ.

ඇසෑමයට ඉහත කී ප්‍රහාර මාලාව කැරලිකරුවන් එල්ල කර තිබුණේ අඟහරුවාදා යි.

ප්‍රහාරයට ගොදුරු වී මිය ගිය අය අතර ළමුන් සහ කාන්තාවන්ද සිටින බවයි වාර්තා වන්නේ.

ඇසෑම් ප්‍රාන්තය තුළ වෙනම පාලනයක් ඉල්ලා සටන් වදින බෝඩෝ ගෝත්‍රික කැරලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඉන්දීය බලධාරීහු චෝදනා කරති.

ඡායාරූප මූලාශ්‍රය, AP