තුරු රෝපණයෙන් ගසා කෑ බවට මායාවතිට චෝදනා

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහා ඇමතිනී මායාවතී

ඡායාරූප මූලාශ්‍රය, upgovt

Published

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහා ඇමතිනී මායාවතී, මැදපෙර දිගින් පාම් ගස් දහස් ගණනක් ආනයනය කිරීමට ඩොලර් දශ ලක්ෂ ගණනක් වැය කර ඇති බවට ලැබෙන වාර්තා සම්බන්ධයෙන් උතුරු ඉන්දියාවේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මැද පෙර දිගින් ගෙන් වූ පාම් ගස් , උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත උද්‍යාන වල රෝපණය කර ඇතත්, ඒවා මැරී ගොස් ඇති බවයි වාර්තා වල දැක්වෙන්නේ.

හිටපු මහා ඇමතිනියගේ - පාම් තුරු රෝපණ ව්‍යාපෘතිය, යුක්ති සහගත කළ ඇගේ දේශපාලන පක්ෂයේ නායකයෙක් , අලුත් ප්‍රාන්ත ආණ්ඩුව එම පාම් ගස් රැක ගැණීමට අසමත් වී ඇතැයි කියා සිටියේය.

මායාවතී පාලන සමයේ, ප්‍රාන්තය පුරා පිහිටුවීම සඳහා ගලින් නිම වූ යෝධ අලින්ගේ සංකේත මිළට ගෙන ඇත. එම ගනුදෙනුවේ දී සිදු වූ දුෂණ සම්බන්ධයෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය දැනටමත් විභාගයක් ආරම්භ කර තිබේ.