ළදරු ඝාතක බ්‍රිතාන්‍ය හෙදිය : ලුසී ලෙට්බි ඊට පෙළඹුණේ ඇයි?

Published

කෲර ලෙස දරුවන් හත් දෙනෙකු ඝාතනය කිරීමේ වරදට බ්‍රිතාන්‍යයේ හෙදියක වූ ලුසී ලෙට්බි මේ වන විට ජීවිතාන්තය දක්වා සිරගත කර සිටී.

ඇයට එරෙහිව විභාග වූ නඩුව මේ වන විට අවසන් කර තිබේ. එහෙත්, පිළිතුරක් නැති ප්‍රශ්න රාශියක් ඉතිරි වී පවතී. ඇය දරුවන් ඝාතනය කළේ ඇයි? එසේ ඝාතනය කිරීමට ඇයට හැකි වූයේ කෙසේ ද? යනු එම ප්‍රශ්නවලින් කිහිපයකි.