ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉතියෝපියානු කුමරුගේ දේහය ආපසු යැවීම බකිංහැම් මාළිගය ප්‍රතික්ෂේප කරයි
Published
දහනව වන සියවසේ දී එංගලන්තයේ වින්ඩ්සර් මාළිගයේ මිහිදන් කෙරුණු ඉතියෝපියානු කුමරෙකුගේ දේහය ආපසු ලබාදෙන්නැ යි කළ නව ඉල්ලීම බකිංහැම් මාළිගය ප්‍රතික්ෂේපකර ඇත.
ඉතියෝපියාවේ ප්‍රමුඛතම පාලකයෙකුගේ පුත්‍රයෙකු වූ අලමයියු කුමරු බලහත්කාරයෙන් බ්‍රිතාන්‍යයට ගෙනයන විට ඔහුගේ වයස අවුරුදු හතකි.
ඔහුගේ සිරුර ගොඩගැනීම මඟින්, එහි තැන්පත්කර ඇති අනෙකුත් දේහයන්ට බාධා වනබව බකිංහැම් මාළිගය පවසයි.