ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දශක දෙකක් පුරා සෑම දිනෙකම සිය පුත්‍රයාගේ සේයාරුවක් ගත් පියෙක්
Published
තම පුත්‍රයාගේ දිවියේ පළමු වසර 21 තුළ සෑම දිනකම ඔහුගේ ඡායාරූපයක් ගත් පියෙකු, තම දරුවා වැඩෙන ආකාරය ඡායාරූපගත කිරීම "සතුටක්" වූ බව පවසයි.
එංගලන්තයේ හැරෝගේට්හි ඉයන් මැක්ක්ලවුඩ්ට අවශ්‍ය වූයේ ඔහුගේ පුත්‍ර කෝරිගේ ළමා කාලය මොහොතක් හෝ අමතක නොවනබවට වගබලා ගැනීමට ය. එබැවින් ඔහු කැමරාව අතට ගත්තේ ය.
දැනට 30 හැවිරිදි වියේ පසුවන කෝරි මීට වසර නවයකට පෙර ඡායාරූප ගැනීමේ රාජකාරිය තමාට පවරාගත් අතර, එම ව්‍යාපෘතිය දිගටම කරගෙන යනබව පවසයි.