ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජීවිත මිලියන ගණනක් බේරා ගත් ආසන පටියේ නිර්මාතෘ නිල්ස් බෝලින්
1958 වසරේදී මෝටර් රථ සඳහා සැබවින්ම ක්‍රියාත්මක වන ආරක්ෂක ආසන පටියක් නිර්මාණය කිරීමේ වගකීම ආරක්ෂක ඉංජිනේරු නිල්ස් බෝලින්ට පැවරිණි.
ඊට පෙර ආසන පටි නිර්මාණය කර තිබුණේ, මෝටර් රථයට සවි වන ස්ථාන දෙකකිනි. ඉන් රිය අනතුරකදී උදරයට හෝ ගෙළ ප්‍රදේශයට දැඩි හානි සිදුවිය.
නමුත් නිල්ස් බෝලින් සොයාගත් මෝටර් රථයට සවි වන ස්ථාන තුනක් සහිත ආසන පටිය නිසා අනතුරක දී බොහෝ ජීවිත බේරා ගැනීමට හැකි විය.
කෙසේ වෙතත්, නිල්ස්ගේ වැඩි දියුණු කළ ආසන පටිය සියලු දෙනාගේම පිළිගැනීමට ලක් නොවිණි. ඔහුගේ ඥාති පුත්‍රයෙකු වන ගුන්නාර් ඕන්මාර්ක් නූතන ආසන පටියේ අතීතය පිළිබඳ කරන ආදරණීය ආවර්ජනයක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.