ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රුසියාවේ යුක්රේන ආක්‍රමණය ලෝකය වෙනස් කළ ආකාර හතරක්
Published
2022 පෙබරවාරි 24 වන දා රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය තුළ "විශේෂ හමුදා මෙහෙයුමක්" දියත් කිරීම ප්‍රකාශයට පත්කළ අතර, ඉන්පසු ලෝකය කිසි දා පෙර පැවැති තත්ත්වයට පත් නොවීය.
පෙරදිග සහ බටහිර අතර පරතරය වැඩිව තිබෙන අතර දහස් ගණනකගේ ජීවිත අහිමිවී, මිලියන ගණනක් ජනයා අවතැන්ව සිටිති.
වර්තමානයේ ඇතිව තිබෙන ආහාර හා බලශක්ති අර්බුදය හේතුවෙන් ලොව පුරා මිල ගණන් හා උද්ධමනය ඉහළයාම සිදුව තිබේ.