ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෙලීන් ඩියෝන්ට වැළඳුනු දුර්ලභ ස්නායු ආබාධය කුමක් ද?
Published
ප්‍රංශ-කැනේඩියානු ගායිකා සෙලීන් ඩියෝන්, ගණනින් මිලියන 5.2ක් පමණ වන ඇගේ Instagram අනුගාමිකයින්ට පවසා තිබෙන්නේ, ඇයට ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝම් (SPS) නම් රෝගය වැළඳී ඇතැ යි හඳුනාගෙන ඇතිබව යි.
එම රෝගය නිසා, ඇගේ මාංශ පේශීවල පාලනය කළ නොහැකි අන්දමේ ගැස්මක් ඇතිවෙයි.
රෝගය නිසා ඇවිදීම සහ ගායනා කිරීම ද දුෂ්කර වී ඇති අතර, එම නිසා, ලබන වසරේ එක්සත් රාජධානියේ සහ යුරෝපයේ පැවැත්වීමට සැලසුම්කර තිබූ ප්‍රසංගයන්හි ගායනා කිරීමට ඇයට නොහැකිවනු ඇතිබව ඇය පැවසුවා ය.