ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කශ්මීරයේ කුංකුම කෙත් නිසරුව ගොස් තිබෙන්නේ ඇයි?
Published
ඉන්දියා-පාලිත කශ්මීරයේ ගොවීන්ට පරම්පරා ගණනක් තිස්සේ සෞඛ්‍යසම්පන්න ජීවනෝපායක් සැපයූ කුංකුම ලොව මිල අධිකම කුළුබඩු වර්ගය යි.
නමුත් දැන් එම කර්මාන්තය දේශගුණික විපර්යාස නිසා තර්ජනයට ලක්ව තිබේ.
ශතවර්ෂ ගණනාවකට පෙර පර්සියානු සූෆි මුස්ලිම්වරුන් මෙම ප්‍රදේශයට කුංකුම හඳුන්වාදුන් අතර, මෑතක් වනතුරු මෙහි කෙත්වතු සශ්‍රීක දම් පැහැති මල්වලින් වැසීගොස් තිබුණි. නමුත් මෑත වසරවල වර්ෂාපතනය අක්‍රමවත් වී ඇති අතර, කුංකුමවලට අවශ්‍ය ජලය ක්ෂයවී ගොස් තිබේ.