ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයේ කාන්තාවක විරෝධයේ සංකේතය වූ හැටි
Published
ඉරානය පුරා විරෝධතා රැල්ලකට 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ මරණය තුඩු දී ඇත.
හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ රෝහලේදී මිය ගියාය.
එක් ගැහැනියකගේ ඛේදනීය ඉරණම මහමඟ කෝපයක් වැගිරීමට තුඩු දුන් ආකාරය පිළිබඳ කතාවයි මේ.