ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංග්ලාදේශයේ මගීන්ගෙන් පිරී ගිය පුද්ගල ප්‍රවාහන නෞකාවක ගින්න
දකුණු දිග බංග්ලාදේශයේ මගීන්ගෙන් පිරී ගිය පුද්ගල ප්‍රවාහන නෞකාවක් ගින්නට හසුවීම හේතුවෙන් අවම වශයෙන් 39 දෙනෙකුවත් මරණයට පත්ව තවත් සියයක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.
තට්ටු තුනකින් සමන්විත යාත්‍රාව තුළ ගින්න හටගෙන ඇත්තේ ජලාකාති ආසන්නයේ ගංගාවක් මධ්‍යයේදී.
පිරිසක් ගින්නෙන් බේරීමට වතුරට පැන ඇති අතර ඒ අතර සිටි සමහරෙක් ගිලී මිය ගොස් තිබේ.
දිවි බේරා ගත් මගීන්ගෙන් වැඩි දෙනෙකු දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති බැවින් සිකුරාදා (දෙසැම්බර් 24) සිදු වූ අනතුරෙන් මරණයට පත් පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.
යාත්‍රාව තුළ මගීන් පන්සීයක් පමණ සිටි බව වාර්තා වේ.