කොවිඩ්: ඉන්දියාවේ බෞද්ධ ආරාම වසංගතයට ගොදුරු වෙයි

Published

අසල්වැසි ඉන්දියාවේ ව්‍යසනකාරී කොවිඩ් දෙවෙනි රැල්ල එරට ඊසාන දිග පිහිටා ඇති බෞද්ධ ආරාම වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ඉන්දියාවේ බෞද්ධ ආරම සහ විහාරස්ථාන බහුතරයක් පිහිටා ඇත්තේ ද ඊසාන දිග පළාත් තුළය.

භික්ෂූන් වහන්සේලා අධ්‍යාපන කටයුතු සහ දන් වැළඳීම එක්ව සිදු කිරීමත් පිරිස් වශයෙන් දිවි ගෙවීම නිසාත් වසංගතය පාලනය කිරීම අපහසු කටයුත්තක් වී ඇත.

ඒ හමුවේ භික්ෂූන් සිය ගණනකට කොවිඩ් ආසාදනය වී තිබේ.

මේ දක්වා ඉන්දියාවෙන් ලක්ෂ 300 කට ආසන්න කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 380,000 අධිකය.

මේ ගැනත් කියවන්න: