ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එඩින්බරා හි ආදිපාද ෆිලිප් කුමරු පිළිබඳ මතකය
1947 නොවැම්බර් 20 වෙනිදා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේදී විවාපත් තැන සිට වසර 70 ට වැඩි කලක් රාජකීය යුවළ සිය යුග දිවිය ගෙවූහ.
විවාහ දිවියට එළඹෙන විට ලුතිනන් ෆිලිප් මවුන්ට්බැට්න් 26 හැවිරිදි වූ අතර එවක එලිසබත් කුමරිය 21 හැවිරිදි වූවාය. ෆිලිප් කුමරු කිසිදා ඔටුන්නට හිමිකම් කියන නාමාවලියේ නොසිටි අතර දැනට එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඔහුගේ වැඩිමහල් පුතු චාල්ස් කුමරුය.
කඩිසර හා ප්‍රායෝගික තැනැත්තෙකු වූ ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය රාජකීය පවුල නවීකරණයෙහි ලා සිය සහයෝගය දුණි. පුණ්‍ය ක්‍රියා හා ක්‍රීඩාව සඳහා වූ කැපවීමෙන් වර්ණවත් වූ අතිශය පුද්ගලික උරුමයක් ඔහු ඉතිරි කර තැබීය.