ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාර: "අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට පියවර ගන්නවා" - මහජන ආරක්ෂක ඇමති
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11ක් නුදුරේදීම තහනම් කිරීමට ක්‍රියා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර බදාදා (මාර්තු 10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සහරාන් යටතේ පුහුණුව ලැබූ, 'මරාගෙන මරෙන්න ප්‍රතිඥා දුන්' තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව ද ඔහු කියා සිටියේය.
මීට අමතරව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ බුර්කාව ඇඟලීම තහනම් කරන බවය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම සඳහා ගන්නා නීතිමය ක්‍රියාමාර්ග, පරීක්ෂණවල ප්‍රගතිය සහ ජනතාවගේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරමින් ආචාර්ය සරත් වීරසේකර මේ බව කියා සිටියේය.
පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් නවයක් සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම අවස්ථාවන්හිදී නිවැරදි ක්‍රියා මාර්ග ගත්තේ නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ද අවස්ථාව තිබුණු බවකි.
මේ ගැනත් දැනගන්න: