බේරුට් පිපිරීම: දැවැන්ත පිපිරීමෙන් පසු ලෙබනනය වැළපෙයි

Published

පුද්ගලයින් 78 දෙනෙකු මරණයට පත් කරමින් හා තවත් 4,000ට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් බේරූට් අගනුවර අඟහරුවාදා (අගෝස්තු 04) සිදුවූ පිපිරීමෙන් අනතුරුව ලෙබනනය ඒ සම්බන්ධයෙන් වැළපෙමින් සිටී.

වරාය ආශ්‍රිතව හටගත් ගින්නකින් අනතුරුව විශාල හත්තක් වැනි වළාවක් මතු කරමින් හටගත් පිපිරීමෙන් බේරූට් නගරය දෙදරුම් කැවිණි.

ජනාධිපති මීෂෙල් අවුන් පැවසුවේ අදාළ ප්‍රදේශයේ ගුදමක් තුළ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් ඉතා අනාරක්ෂිතව වසර හයක කාලයක් පුරා ගබඩා කර තිබූ බවකි.

බදාදා (අගෝස්තු 04) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ ජනාධිපතිවරයා, සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව කීය.

බදාදා සිට ලෙබනනය තුළ දින තුනක ශෝක කාලයක් ක්‍රියාත්මක කෙරේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනියගේ අත්දැකීම ඇතුළු තවත් තොරතුරු: