ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මරු සමග 'ජේඩ්' මැණික් සොයන මියන්මාර වැසියෝ
ලොව විශාලතම 'ජේඩ්' මැණික් පතල් පිහිටා තිබෙන්නේ මියන්මාරයේ කචින් ප්‍රාන්තයේය.
කඳු පල්ලම් උඩු යටිකුරු කළ එම කලාපයට ඇතුළුවීම සඳහා බීබීසී බුරුම සේවයට දුලභ අවස්ථාවක් හිමි විය.
මියන්මාරයේ 'ජේඩ්' කර්මාන්තයේ වාර්ෂික වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 31 යයි ඇස්තමේන්තු කෙරෙයි.
ආකරයෙන් ඉවතලන පස් ගොඩැලි පීරා 'ජේඩ්' මැණික් කැබැල්ලක් සොයා ගැනීමේ අරමුණින් ලක්ෂ ගණනක් එම ප්‍රදේශයට පැමිණෙති.
එය අනතුරුදායක රැකියාවක් වන අතර මියන්මාර ආණ්ඩුවේ වාර්තාවලට අනුව අනතුරුවලින් මේ වසරේ මරණයට පත්ව ඇති සංඛ්‍යාව 110 කි.
පතල්කරුවන් සහ ඉවතලන පස් අතර 'ජේඩ්' සොයන්නන් අතර හෙරෝයින් භාවිතය ද උවදුරක් වී තිබේ.
වාර්තාකරු: සෝ සෝ ටොන්
කැමරාකරණය: ප්යෝ හෙයින් ජෝ සහ සන් ජෝ ටොන්
සංස්කරණය: කෙවින් කිම්
කියවන්න: