වෛද්‍යවරුන් ලෙසින් සැරසී හමුදා රෝහලට ප්‍රහාරයක්

Published

ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල පිහිටි විශාලතම හමුදා රෝහලට බලහත්කාරයෙන් ඇතුළු වූ නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් එයට ප්‍රහාරයක් එල්ල කළහ.

"සර්දාර් දාවුඩ් ඛාන්" හමුදා රෝහලේ ගේට්ටුව අසල බෝම්බයක් පුපුරුවා හැරි අතර ඉන් අනතුරුව තවත් ප්‍රහාරකයන් තිදෙන් රෝහලට ඇතුළු වූ බව හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ප්‍රහාරකයන් සහ ආරක්ෂක අතර ඇතිවූ ගැටුමෙන් ප්‍රහාරකයකු බව සැකකෙරෙන පුද්ගලයකු සහ තවත් අයකු මරුමුවට පත්වූ බවත් හමුදා ප්‍රකාශකයා පැවසීය.

ඇතැම් ප්‍රහාරකයන් වෛද්‍යවරුන් ලෙසින් සැරසී සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

IS ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.