ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෙල්බර්න් ගුවන් අනතුර: යානයේ සිටි සියලුදෙනා මරුට
Published
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ සංකීර්ණයකට කඩා වැටුණු ගුවන් යානයේ සිටි පුද්ගලයන් පස්දෙනාම මරණයට පත්වී ඇති බව එරට බලධාරීහු පවසති.
මිය ගිය අයගෙන් හතරදෙනෙකුම ඇමරිකානු ජාතිකයෝ වූහ.
'ඒසන්ඩන්' ගුවන්තොටුපළින් යානය ගුවන්ගත කොට තත්පර කිහිපයක් ඇතුළත එහි යාන්ත්‍රික දෝෂයක් පවතින බවට ගුවන් නියමුවා විසින් පාලක මැදිරියට දැනුම් දෙනු ලැබ තිබේ.
ගුවන්තොටුපළ අසලම වූ සාප්පු සංකීර්ණයට යානය කඩා වැටුණු මොහොතේ විශාල ගිනි ජාලාවක් ගුවනට මුසුවූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ.
සාප්පු සංකීර්ණය තුළ සිටි කිසිවෙකුට මෙම අනතුරින් තුවාල සිදුවී නැත.