ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වොෂිංටන්: ට්‍රම්ප් විරෝධී කාන්තා පා ගමනට ලක්ෂ සංඛ්‍යාත ජනකායක්
Published
ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව වොෂිංටනයේ පැවැත්වෙන කාන්තා පා ගමනට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක් රැස් වෙමින් සිටිති.
ජනාධිපති ට්‍රම්ප්ට විරෝධය පළ කොට ලොව පුරා එවැනි පා ගමන් හයසීයක් පමණ පැවැත්වීමට නියමිතය.
ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පාලනය යටතේ කාන්තා අයිතිවාසිකම්වලට බලපෑම් එල්ල වනු ඇතැයි යන්න උද්ඝෝෂකයන්ගේ විශ්වාසය වී තිබේ.
අද (ජන.21) බහු ආගමික වැඩසටහනකට එක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වේලාවෙන් පස්වරුවේ ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවා (CIA) මූලස්ථානයේ සංචාරයක නිරත වීමට නියමිතය.