සඳේ පා තැබූ අවසන් මිනිසා දිවියෙන් සමුගනියි

Published

සඳ මත පා තැබූ අවසන් මිනිසා දිවියෙන් සමු ගත්තේය.

ඇමරිකානු ජාතික අජටාකාශගාමියෙකු වූ යූජීන් සර්නන් මිය යන විට අසූ දෙවැනි වියේ පසු විය.

සඳ වෙත මිනිසුන් රැගෙන ගිය අවසන් අභ්‍යාවකාශ ගමන වූ 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමේ සාමාජිකයෙකු වූ කපිතාන් යූජීන් සඳ වෙත දෙවරක් ගිය මිනිසුන් තිදෙනා අතරින් එක් අයෙකි.

මිනිසුන් දොළොස් දෙනෙකු මේ දක්වා සඳ මත පා තබා ඇති අතර අදවන විට ජීවතුන් අතර සිටින්නේ ඉන් හය දෙනෙක් පමණි.