අයිස් කුට්ටියක් තුළ මිදුණු නරියෙකුගේ මළ සිරුරක් ප්‍රදර්ශනයට

Published

අධික ශීතල හේතුවෙන් මිදී පවතින 'ඩැනියුබ්' නදියේ ඇති අනතුරුදායක තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අයිස් කුට්ටියක් තුළ මිදුණු නරියෙකුගේ මළ සිරුරක් ජර්මනියේ දඩයම්කරුවෙකු විසින් සිය පවුලේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇත.

'ඩැනියුබ්' නදියට වැටී ඇති නරියා එහි ගිලී ක්ෂණිකව අයිස් අතර මිදී ඇති බව විශ්වාස කරේ.

නදියේ ඇති අනතුරුදායක තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නරියාගේ මළ සිරුර සහිත අයිස් කුට්ටිය සිය පවුලේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනයට තැබූ බව ෆ්‍රාන්ස් ස්ටේල් කියා සිටියේය.

මුවෙකු සහ වල් ඌරෙකු ඇතුළු තවත් අයිස් අතර මිදුණු සතුන්ගේ මළ සිරුරු තමන් දුටු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.