ඉන්දියාව - බෝයිං අතර දැවැන්ත ගනුදෙනුවක්

Published

ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං මගී ගුවන් යානා 205 ක් සිය යානා සමුච්චයට එක්කර ගැනීම සඳහා ඉන්දියාවේ ස්පයිස් ජෙට් ගුවන් සමාගම පියවර ගෙන ඇත.

ඩොලර් බිලියන 22 ක් වටිනා මෙම ගනුදෙනුව, ඉන්දියාව බෝයිං සමාගම සමග ඇති කරගත් විශාලතම ගනුදෙනුව බව ස්පයිස් ජෙට් සමාගම පවසයි.

තමන්ගේ යුරෝපීය තරගකරුවාවන එයාර් බස් සමාගම මෑතදී ඉන්ඩිගෝ ඇතුළු සමාගම් දෙකක් සමග ගනුදෙනුවක් ඇතිකර ගත් බැවින් බෝයිං සමාගමට මෙය ඉතා වැදගත් ගනුදෙනුවක් බව වාර්තාකරුවෝ පවසති.

නව ගනුදෙනුව හරහා ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් වූ තම සේවා ජාලය මෙහෙයුම් ව්‍යාප්ත කළ හැකි ශක්තිමත් තත්ත්වයක තම සමාගම සිටින බව ස්පයිස් ජෙට් සභාපති අජේ සිං ප්‍රකාශ කළේය.