ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සමරිසි කසාදයට එරෙහිව තායිවානයේ උද්ඝෝෂණ
Published
සමරිසි විවාහ නීතිගත කිරීමේ පනත් කෙටුම්පත සැලකිල්ලට ගැනීමට තීරණය කළ තායිවාන පාර්ලිමේන්තුවට විරෝධය පළ කරමින් තායිපෙයි අගනුවර දහස් ගණන් විරෝධතාකරුවෝ වීදි බසිති.
තායිවාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ විරෝධතාකරුවෝ සහ පොලිසිය අතර ගැටුම් හට ගත් බව වාර්තා වේ.
එළඹෙන වසරේ මෙම කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුවොත් ආසියාවේ සමරිසි විවාහ නීතිගත කළ පළමු රට වන්නේ තායිවානයයි.
කෙසේ වෙතත් පළ වන අනාවැකි වලට අනුව පාර්ලිමේන්තුවේ 60% පමණ ප්‍රතිශතයක් පනතට විරෝධය පළ කරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.