"ඉන්දීය කාශ්මීරයේ පාසල් ගිනි තැබීම් නවත්වන්න"

Published

ඉන්දීය පාලිත කාශ්මීරයේ පාසල් ගිනි තැබීම වහා නවත්වන ලෙස හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය ඉල්ලා සිටියි.

පසුගිය මාස කීපය ඇතුළත ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පිහිටි පාසල් විසි පහක් ගිනි තබා ඇති බව එම සංවිධානය පවසයි.

බෙදුම්වාදයට සහාය දෙමින් පසුගිය ජුලි මාසයේ සිට ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ පාසල් වසා දමා තිබේ.

පාසල් ගිනි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් වගකීම භාර ගෙන හෝ අත්අඩංගුවට ගෙන නොමැත.

පාසල් ගුරුවරුන්ට සහ සිසුන්ට පහර දීම, පාසල් ගොඩනැගිලි හමුදා භාවිතයට යොදා ගැනීම සහ බෙදුම්වාදී සටන් සඳහා දරුවන් බඳවා ගැනීම නතර කළ යුතු බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් පවසයි.