ඕස්ට්‍රේලියානු මැතිවරණයෙන් පාලක පක්‍ෂයට ජය

Published

ඕස්ට්‍රේලියාවේ පැවති මහ මැතිවරණයෙන් දින අටකට පසු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ජයග්‍රහණය වාර්තාකළේය.

ඇතැම් ඡන්ද කොට්ඨාශ වල ඡන්ද ගණන් කිරීම තවමත් සිදුවෙමින් පවතින නමුත් තමන්ට සුළු වැඩි ඡන්ද ප්‍රතිශතයකින් කොන්සර්වටිව් හවුල්කාර රජයක් පිහිටුවිය හැකි බවටයි ඔහු වීශ්වාසය පළකරන්නේ.

එසේවුවද අස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය වීමේ අවදානම පහවගොස් නැති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට විරුද්ධ පක්ෂය වන කම්කරු පක්ෂයේ නායක බිල් ශෝර්ටන් පරාජය භාරගෙන ඇත.

එහෙත් ඔහු අනාවැකි පළකර ඇත්තේ අලුතින් පත්වන ඕස්ට්‍රේලියානු රජය අස්ථාවර කෙටිකාලීන පාලනයක් වනු ඇති බවටයි.

අගමැති ටර්න්බුල් මැතිවරණයක් කැඳවුයේ තම පදවිය තව තවත් ශක්තිමත් කර ගැනීමට වුවද කම්කරු පක්ෂය, අනෙකුත් සුළු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් හමුවේ බිම් මට්ටමින් පරාජය වී සිටින බවයි වාර්තාවලින් හෙළිවී ඇත්තේ.