ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සමරිසි සමාජ ශාලාවේ වෙඩි තැබීමෙන් විස්සක් මරුට
Published
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නගරයේ සමරිසි රාත්‍රි සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් විසි දෙනකුවත් මරුමුවට පත් වී ඇති බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාර හේතුවෙන් හතළිස් දෙදෙනකු තුවාල ලබා ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ගිනි අවි දෙකක් අතැතිව සිටි තුවක්කුකරු විසින් සමාජ ශාලාවේ සිටි පුද්ගලයන් ප්‍රාණ ඇපයට ගෙන සිටි බව පොලිසිය සනාථ කළේය.
තුවක්කුකරු වෙඩි තබා මරා දැමීමට පෙර පොලිසිය සමග වෙඩි හුවමාරු කර ගත් බවත් වාර්තාවල දැක්වේ.
ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් දැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව බලධාරීහු පවසති.