ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාරා පැටවුන් බේරා ගැනීමේ මෙහෙයුමක්
Published
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ගිනි නිවන හමුදා භට කණ්ඩායමක් කාණුවක සිර වී සිටි තාරා පැටවුන් රංචුවක් මුදා ගෙන තිබේ.
එසේ මුදා ගනු ලැබූ තාරා පැටවුන් සුරක්ෂිතව ඔවුන්ගේ මව වෙත භාර දීමට ගිනි නිවන භට කණ්ඩායම කටයුතු කළහ.
තාරා පැටවුන් රංචුවක් කාණුවක සිර වී සිටින බව දන්වා ඉහත කී භට කණ්ඩායම වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
පැටවුන් බේරා ගන්නා අවස්ථාවේ තාරා මව දැඩි කැලඹිල්ලට පත් වී සිටි බව පෙනෙන්නට තිබූ බවයි ගිනි නිවන හමුදා භට කණ්ඩායමේ ප්‍රධාන නිලධාරි රැඩොල්ෆ් කොවිච් බීබීසීයට කියා සිටියේ.