ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළිඳකින් පිටවූ විෂ වායුවකින් පස් දෙනෙක් මරුට
දකුණු ඉන්දියාවේ ගම්මානයක අත්හැර දමන ලද ළිඳක් ශුද්ධ පවිත්‍ර කිරීමට උත්සාහ ගත් ගම්වැසියන් පස් දෙනකු ළින් පතුලෙන් නිකුත් වූ විෂ වායු ආග්‍රහණය කිරීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.
හර්යානා ප්‍රාන්තයේ ගම්මානයක පිහිටා තිබුණු මෙම ළිඳ ගම් වැසියන් විසින් ශුද්ධ පවිත්‍ර කිරීමට උත්සාහ ගෙන තිබෙන්නේ එම ප්‍රාන්තයේ බල පැවැත්වෙන දරුණු නියඟය හේතුවෙන් මුහුණ පාන ජල අර්බුදයට පිලියමක් වශයෙනි.
ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු පැවසුවේ ළින් පතුළ පිරිසිදු කරමින් සිටියදී අනපේක්ෂිත අවස්ථාවක මෙම විෂ වායු වාතයට මුදා හැරී ඇති අතර ළිඳ තුළ සහ අවට හිටි පුද්ගලයන් සියලු දෙනා මරණයට පත් වී ඇති බවයි.
හර්යානා ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයක බලධාරීන් පවතින නියඟය හමුවේ ජනතාවට ජලය සැපයීමට අවශ්‍ය කිසිදු පියවරක් නොගන්නා බවයි පසුගිය සතියේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයක් කරමින් පැවසුවේ.