ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉතාලියෙන් සොරාගත් ඉපැරණි චිත්‍ර යුක්‍රේනයෙන් මතුවෙයි
පසුගිය වසරේ ඉතාලියේ කෞතුකාගාරයකින් සොරකම් කරන ලද ඩොලර් මිලියන දහ අටක් වටිනා කලා නිර්මාණ දාහතක් සොයා ගත් බව යුක්‍රේන බලධාරීන් පවසයි.
ප්ලාස්ටික් කවර තුළ සඟවා තිබූ මෙම වටිනා චිත්‍ර මොල්දෝවා (Moldova) දේශ සීමාවේ දීයි සොයාගෙන ඇත්තේ.
ලෝක පූජිත චිත්‍රශිල්පීන් වන රූබන්ස් (Rubens) සහ ටින්ටෝරෙට්ටෝ (Tintoretto) ගේ නිර්මාණත් පසුගිය නොවැම්බර් මාසයේ කාසල් වෙසියෝ (Castelvecchio) කෞතුකාගාරයෙන් මේ නිර්මාණ අතර ඇති බවයි වාර්තා වන්නේ.
අත් අඩංගුවට ගෙන ඇති මෙම නිර්මාණ පිරික්සූ යුක්‍රේන ජනාධිපති පෙත්ත්‍රෝ පොරෝශේන්කෝ (Petro Poroshenko) පැවසුවේ මෙය රහසිගත කටයුතු මර්ධනය පිළිබඳව සිය රට විසින් ගනු ලබන දැඩි පියවර පෙන්නුම් කරන අගනා අවස්ථාවක් බවයි.
'මේ චිත්‍ර එකතුවේ වටිනාකම, ආගමන නිළධාරීන් සහ හමුදාවන් සපයා ඇති තොරතුරු අනුව මිලියන 16 කටත් වැඩියි. අපි ජාත්‍යන්තර වශයෙන් මේ කලා නිර්මාණ වල වටිනාකම රැක දුන්නා පමණක් නොවෙයි යුක්‍රේනයට මෙවැනි මෙහෙයුමක් දියත් කිරීමට ඇති හැකියාව ලොවට ප්‍රදර්ශනය කළා.' යුක්‍රේන ජනාධිපති පෙත්ත්‍රෝ පොරෝශේන්කෝ පැවසීය.