ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උතුරු ඉන්දියාවේ 'උත්තරඛාන්ඩ්' පළාතේ ලැව් ගිනි
Published
උතුරු ඉන්දියාවේ 'උත්තරඛාන්ඩ්' පළාතේ කැලෑවල දැනට පවතින අති විශාල ලැව් ගින්න පාළනය කළ හැකි තත්වයකට ගෙනවිත් ඇති බව ඉන්දියානු බලධාරීහු පවසති.
අදාළ මෙහෙයුමේ වගකීම් භාර ප්‍රධාන නිලධාරියෙකු පැවසුවේ ගින්න පැවති ප්‍රදේශ වලින් 70% කට වඩා වපසරියක දැන් ජලය විසුරුවා ඇති බවයි.
ඉන්දියානු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මෙම ජලය ඉසීමේ කාර්යය සඳහා යොදවා තිබේ.
කොටින් සංරක්ෂණය සඳහා වෙන්කර ඇති කැලෑවකට ගින්න පැතිර යාමේ අවදානමද පහව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
තුවාල කරුවන් පිළිබඳවද වාර්තා වී ඇති නමුත් නිවැරදි සංඛ්‍යාව පිලිබඳ පැහැදිලි තොරතුරු ලැබී නැත.