ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'හැකියාවක් තියෙනවා නම් අබාධිත බව නොසලකා ඉදිරියට එන්න '
Published
අඩි දෙකක් පමණ උස, කුඩා ශරීරයක් ඇති අවුරුදු 39ක් ඇඳක් මත උඩු අතට වැතිරී සිටිය ද ඉතා ධෛර්යය සම්පන්න ලෙස ජීවිතයට මුහුණ දෙන අයෙකු ගැන සූරියවැව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
ඔහු ආබාධ සහිත සිය සහෝදරිය සමග විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබේ.
''ආබාධ සහිත අය සමහර වෙලාවට ලැජ්ජාවට එළියට එන්නේ නැහැ. එහෙම ඉන්න හොඳ නැහැ. හැකියාවක් තියෙනවා නම් අබාධිත බව නොසලකා ඉදිරියට එන්න කියලයි මම කියන්නේ'' යනුවෙන් එල්.පී ආනන්ද BBC සිංහල සේවයට පැවසුවේය.