ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉස්ලාම් ධර්මය: 'ජීවත්වෙලා ඉන්න කාලේ ලොකු වාහනවලින් ගියාට අන්තිමට යන්න වෙන්නේ එකම වාහනයකින්'
Published
ඉස්ලාම් ධර්මය සහ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය පිළිබඳව අන්‍ය ආගමිකයන්ට අවබෝධයක් ලබා දීමේ වැඩසටහනක් අද (ජූලි 18) ගාල්ල දංගෙදර අත් තක්වා ජුම්මා මස්ජිදයේ පැවැත්වුණි.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සෙන්ටර් ෆෝ ඉස්ලාමික් ස්ටඩීස් සංවිධානය සහ අත් තක්වා ජුම්මා මස්ජිදයේ පරිපාලන සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ඊට සහභාගී වූ ඇතැමුන් ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයක පළමු වරට පැමිණි අය වූහ. ඔවුහු සිය අත්දැකීම් BBC සිංහල සේවය සමග බෙදා ගත්හ.