ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුලවාදයේ බල කොටුව : උතුරේ කුල පීඩිතයන් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මොනවා ද?
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දක්නට ලැබෙන කුලවාදය නිසා දරුවන්ගේ අධ්‍යාපනය අයිතීන් අහිමි වීම, කෘෂිකාර්මික කටයුතුවලට බාධා සිදුවීම ඇතුළු කරුණු ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුක් කර තිබේ.
උසස් යැයි සලකනු ලබන කුලවල සාමාජිකයන්ගේ කුලයෙන් අඩු බවට සලකන ජනයාට සිදුවන පීඩාවන් සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ගැන ද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම කුල පීඩනයේ ගැටලු ගැන BBC සිංහල සේවය යාපනයේ ජනතාව සමග මෙන්ම පරිපාලන ප්‍රධානීන් සහ දේශපාලන බලධාරීන් සමග ද සාකච්ඡා කරන ලදී.
අතීතයේ එවැනි ගැටලු පැවතිය ද දැන් එවැනි තත්ත්වයක් නැතැයි බලධාරීහු පවසති.
නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර