ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක කාන්තා දිනය:'තමන්ගේ නම්බුව තියාගෙන කාන්තාවන්ට හැකියාවෙන් වැඩ ගන්න පුළුවන්.'
Published
තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් නොවන ලෙස හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට කාන්තාවන් ක්‍රියා කළ යුතු බව කළුතර දිස්ත්‍රික්කයට අයත් බෙල්ලන, විහාරගම පදිංචි නිරෝෂා නිල්මිණි පවසන්නීය.
ඇය මතුගම - අලුත්ගම මාර්ගයේ, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය ආසන්නයේ 'හෙල්මට්' අලුත්වැඩියා කිරීමේ නිරත වන්නීය.
''මම නොකරපු රැකියාවක් නෑ. මම හොඳට දුක හඳුනනවා. ඒ නිසා මම හෙල්මට් හදාගන්න එන අයගෙන් ඉතා සාධාරණ මුදලක් තමයි අය කරන්නේ'' යනුවෙන් නිරෝෂා BBC සිංහල සේවයට පැවසුවාය.