පළාත් පාලන මැතිවරණය 2023 :'ප්‍රෝඩාව වානා..ඡන්දයයි ඕනා'

Published

පළාත් පාලන ඡන්දය කල් දැමීමට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අද (පෙබරවාරි 21) පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ දී විරෝධතාවක් සිදු කළහ.

මුදල් නොමැති බව පවසමින් රජය ඡන්දය කල් දැමීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂය උත්සාහ කරන්නේ ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම නිසා බව විපක්ෂයේ මන්ත්‍රීවරු පවසති.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තබන බව කතානායකවරයා පැවසුවේය.